වනිදු සහා චමීර ගිවිසුම් අත්සන් කරලා කියලා මම නම් දන්නේ නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

405

වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් ගිවිසුම් ගතවුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සදහන් කර සිටියේ ඒ පිළිබඳව ඔවුන් දැනුවත් නොමැති බවත් එම ක්‍රීඩකයන් දෙදෙනා IPL තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා අවසරයක් තවමත් ඉල්ලා නොමැති බවයි.

” මම ඒ පිළිබඳව දැනුවත් නෑ.ඒ පිළිබඳව මට සොයා බලන්න අවශ්‍යයි.අපි මේ මාසය අවසන් වනතුරු නිරෝධායන ඇදිරි නීතී කාලසීමාවක සිටින්නේ”යනුවෙන් සිල්වා මහතා සදහන් කර සිටියා.තවදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කර සිටියේ තරගාවලියට සහභාගි වීමට අවසරයක් ලබා දීම පිළිබඳව තවමත් සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි.

” අපි තවමත් කිසිදු තීරණයක් අරගෙන නෑ. මොකද අපි මේ පිළිබඳව තවමත් දැනුවත් වෙලා නෑ.ඒ වගේම එම ක්‍රීඩකයන් අපගෙන් අවසර ඉල්ලලත් නෑ” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.

IPL තරඟාවලිය ආරම්භ වීමට පෙර පැවති ක්‍රීඩක වෙන්දේසියේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනා කිසිදු කණ්ඩායමක් විසින් මිළදී නොගත් අතර පසුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඇඩම් සැම්පා හා කේන් රිච‍ර්ඩ්සන් තරඟාවලියෙන් ඉවත් වීමත් සමග IPL දෙවන අදියර ක්‍රීඩා කිරීම සඳහා දුෂ්මන්ත චමීරට හා වනිදු හසරංගට අවස්ථාවක් හිමිවුණා.