BREAKING NEWS
Search

වත්මන් අර්බුදය විසදිය හැක්කේ අනුරටයි – සමීක්ෂණයකින් හෙළිවෙයි

192

රට මුහුණ දී තිබෙන වත්මන් අර්බුදය විසඳිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට යැයි මෙරට ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන බව සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙනවා.

ඒ අනුව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණයවී ඇති අතර සමීක්ෂණයට සහභාගී වූ අයගෙන් 48.5 ක් පවසන්නේ අනුර කුමාර දිසානායකට වත්මන් අර්බුදය විසඳිය හැකි බවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අර්බුදය විසදීමේ හැකියාව ඇති බවට විශ්වාස කරන්නේ,36.6% ක ප‍්‍රතිශතයක් වන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අර්බුදය විසඳිය හැකි බවට 29.1% ක් විශ්වාසය පළකර තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ පිරිස අතරින් 23.7% ක් අර්බුදය විසදිය හැක්කේ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාට බව විශ්වාස කර තිබෙනවා.