ලෝක වාර්තාවක් සමගින් පලමු වරට ශ්‍රී ලංකාව බංගලාදේශය හමුවේ එක්දින තරඟාවලියක් පරාජය වෙයි

294

ඉතිහාසය අළුතින් ලියවමින් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පලමු වරට බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව තරඟාවලියක් ජයග්‍රහණය කලා.ඒ අද ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශයේ ඩකාහිදි පැවති දෙවන එක්දින තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට බංගලාදේශය සමත් වුනා.ශ්‍රී ලංකාව හමුවේ බංගලාදේශය පිට පිට එක්දින තරඟ දෙකක් ජයග්‍රහණය කල පලමු අවස්ථාව ලෙසද මෙය සනිටුහන් වීම කැපී පෙනුනු අතර,මීට පෙර 2013 සහ 2017 වසර වලදී තරඟාවලි 1-1 ලෙස සමවූ අතර ඉතුරු තරඟාවලි සියල්ල ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කර තිබුනා.

මෙම පරාජය ඉතිහාසයට එකතුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට පසුව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කල රටක් බංගලාදේශ කණ්ඩායම හමුවේ එක්දින තරඟාවලියක් පරාජය වූ පලමු අවස්ථාව ලෙස වන අතර,මීට පෙර ශ්‍රී ලංකාව 2017 වසරේ සිම්බාවේ කණ්ඩායම හමුවේදීද සිය මව්‍ර රටේදීම එක්දින තරඟාවලියක් පරාජය වී තිබූ අතර එම රටවල් දෙකටම එරෙහිව එක්දින තරඟාවලි පරාජය වූ ලෝක කුසලානයක් දිනාගත් පලමු රට ලෙස ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමටද මේ අනුව සමත් වුනා