ලෝක කුසලානය වික්කා කියලා පෙන්නන්න සාක්ෂි තියෙනවද? මහේලගෙන් මහින්දානන්දට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු…!

317

2011 ලෝක කුසලානයේ අවසන් තරඟයේදී තරඟ පාවා දීමක් සිදු කල බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කලා.

ඔහු විසින් මෙම චෝදනාව එල්ල කොට පැය කිහිපයක් ගතව යාමටත් පෙර හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එයට පිළිතුරු ලබා දී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් මහේල පවසා ඇත්තේ “මැතිවරණය ළඟ එන නිසා සර්කස් පටන් අරගෙන ඇති බවත්,මෙම චෝදනාව ඔප්පු කිරීමට ඔහු සතුව සාක්ෂි තිබේද ” යන්නත් ය..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාවට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ප්‍රතිචාර දක්වයි.

මහේල සඳහන් කරන්නේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසත් මේ ආරම්භ වී ඇත්තේ මැතිවරණ සර්කස් බවත්ය

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබේ.