ලොව සාර්ථකව කොරෝනා පාලනය කල රටවල ලැයිස්තුවක් නිකුත් වේ.ශ්‍රී ලංකාවට දෙවෙනි තැන

488

ලොව පුරා ව්‍යාප්ත වු කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කල රටවල් පිළිබඳව දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.මෙය සකසා ඇත්තේ චීනයේ YICAI නැමති ප්‍රකට ආයතනය විසින්.

එම ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවට දෙවෙනි ස්ථානය හිමිව තිබෙනවා.පලමු තැන හිමිව ඇත්තේ දකුණු කොරියාවටයි.

ඔවුන් මෙම සමීක්ෂණය සඳහා තෝරාගෙන ඇති රටවල් ගණන 108 ක්.එහි මුල් රටවල් 10 න්,9 ක්ම ආසියානු කලාපයට අයත් රටවල් වීම විශේෂයි.දකුණු කොරියාව,ශ්‍රී ලංකාව,මියන්මාරය, තායිලන්තය,වියට්නාමය,කාම්බෝජය,ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් එහි මුල් තැන ගෙන තිබෙනවා.

යුරෝපයේ රටවල් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජර්මනියයි.ඔවුනට හිමිව ඇති ස්ථානය 23 වන අතර ඔස්ට්‍රියාව,ග්‍රීසිය සහ ස්විට්සර්ලන්තය යන යුරෝපීය රටවල් ද එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවනවා.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය යන රටවල් දෙකම මුලින් ගැටලුව අවතක්සේරු කළ සහ මහජනතාවගේ අඩු මට්ටමේ සහයෝගීතාවයෙන් යුත් රටවල් වූ බැවින් ඔවුනට පිලිවෙලින් 98 වන සහ 89 වන ස්ථානයන් හිමිව තිබෙනවා.
mawurata – මවුරට