ලොව පුරා කොරෝනා මරණ 70000 ඉක්මවයි !

150

ලෝකයේ රටවල් සහ ස්වයං පාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවා ඇත.

මේ අතර වෛරසය ආසාදනයට ලක්ව ස්වයං නිරෝධායනයට යොමු වී සිටි බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් හදිසියේ රෝහල්ගතකර තිබේ.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා පැතිර ගිය , කොවිඩ් නයින්ටීන් වෛරසය අදවනවිට ලොව රටවල් හා කලාප 200 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇත.

ආසාදිතයින් ලක්ෂ 13 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙද්දී, සිදුව ඇති මරණ ගණන 70,172ක්.

සුව ලැබූවන්ගේ ගණන දෙලක්ෂ හැත්තැ දෙදහසකට ආසන්නයි.

ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් පිරිසක් වාර්තාවන්නේ අමෙරිකාවෙන්.

එරටින් ආසාදිතයන් 337,646 ක් , ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 135,032ක්, ඉතාලියෙන් 128,948ක්, ජර්මනියෙන් 100,123ක්, ප්‍රංශයෙන් 93,780ක්, චීනයෙන් 82,641ක්, ඉරානයෙන් 58,226 ක් සහ බ්‍රිතාන්‍යෙයන් 48,440 ක් අදවනවිට වාර්තා වී තිබේ.