ලොකුගේ කළ වැඩේ ගැන හොයන්න සෞඛ්‍යයේ ලොක්කා පිළියන්දලට ටීම් එකක් යවයි

170

පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මැදිහත් වූයේ යැයි එල්ල වන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කර යවන බවයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිළියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යවන බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියේ තමන් සෞඛ්‍ය තීන්දුවලට බලපෑම් නොකළත් හදිසියේම ප්‍රදේශය වසා දැමීමෙන් ජනතාවට සිදුවන අපහසුතාව හේතුවෙන් ඒ පිළිබද විමසීමක් කළ බවකි.