ලේ කිරිකර දුන් අම්මාව කොරෝනා නිසා එපා කියූ දියණිය..

334

කො වි.ඩ්19 වෛ රසය ආසා දනය වී මේ වනවිට සුවය ලබා සිටින මවක් නිවසට රැගෙනයෑම ඇයගේ එකම දියණිය විසින් ප්‍ර තික්ෂේප කිරීම හේතුවෙන් එම මව මිනුවන්ගොඩ රෝහලේ අ සරණ වී සිටින්නීය.

ඒ හේතුවෙන් ඇය වසරක කාලයක් ගම්පහ රෝහලේ ද නැවතී සිටි බව එම මව කඳුළුසළමින් පවසා සිටියාය.

ගම්පහ රෝහලේ දී කො වි.ඩ් ආසා දිතවීම හේතුවෙන් තමාව මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආ බවත් දැන් සුවය ලබා සිටින තමාව නිවසට ගෙනයෑම දියණිය විසින් ප්‍රති ක්ෂේප කරන බවත් ඇය සඳහන් කළාය.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ධම්මිකා ජයවීර නැමැති 55 හැවිරිදි එම මව වැඩිදුරටත් කියා සිටියේ දියණියගේ දුරකථන අංකයට කතා කරන සෑම අංකයක්ම ඇය විසින් අවහිර කරන බවය.

“මාව අවුරුද්දක් ගම්පහ ඉස්පිරිතාලේ තියා ගත්තා. මට කො රෝ නා කියලා මෙහෙට ගෙනත් දැම්මා. මම රෝහලට එනකොට මට කො රෝ නා හැදිලා තිබුණේ නෑ. සෙනඟ ගොඩේ ඉඳලා තමයි මට කො රෝ නා හැදුණේ. අනේ දෙයියනේ මට මොකක් හරි පිහිටක් වෙන්න. මගේ දුවගේ නම නිලූෂා නිල්මිණි. මම ගේ හදන්න ලක්ෂ හතරාමාරක් දුන්නා. දැන් මට ගේත් නෑ සල්ලිත් නෑ. යන්න තැනකුත් නෑ. එදා ඉඳලම ගෙවල්වල නැවතිලා වලං හෝද හෝද හිටියේ.”

උපුටා ගැනීම අවසන්..

මේ අතර කො රෝ නා ව සංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී , වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල ශි ක්ෂණ රෝහලට රැගෙනවිත් , ඔවුන් මුළා කොට , අ තහැර දමා යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි , කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එලෙස රැගෙන ආ වයෝවෘද්ධ කාන්තාවන් හා පුද්ගලයන් හයදෙනෙකු ඉකුත් 12 සහ 13 දෙදින වාර්තා වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම කාන්තාවන් හා පුද්ගලයින් අතර විවිධ රෝ ගාබාධවලින් පෙළෙන පුද්ගලයන් සිටින බවත් ,ඇතැමුන්ට සි හිකල්පනාව හෝ නොමැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටී.

කො රෝ නා ව සංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වී ඇති මෙම අවස්ථාවේදී වයෝවෘද්ධ වැඩිහිටියන් නිවස තුළම රඳවා ගනිමින් රැකබලාගත යුතු අවස්ථාවක , මෙසේ රැගෙන විත් අතහැර දමා යාම , බ රපතළ ව රදක් බවත් , එය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් බවත් වෛද්‍ය බෙ ල්ලන මහතා පෙන්වා දෙයි.

අති සුඛෝපභෝගී වාහනවලින් වයෝවෘද්ධ පුද්ගලයන් මෙසේ රෝහලට රැගෙනවිත් බාහිර ප්‍රති කාර ඒ කකයේ රඳවා , වෛද්‍යවරයා හමුවීමට යැයි පවසා මුලාකොට , මෙසේ , අතහැර දමා යාමට පුරුදුව ඇතැයි පැවසේ .

ඉන් සමහර පුද්ගලයිගේ පවතින රෝගී තත්වයන් හේතුවෙන් ප්‍ර තිකාර සඳහා වාට්ටු වලට යොමු කර ඇති අතර , සෙසු පුද්ගලයන් රෝහල් පරිශ්‍රයේ රැදී සිටින බව කියා සිටී.