ලෙබනනයේ බේරූට් හී පිපුරුමෙන් ශ්රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ලෙබනනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය කියයි.
එම පිපිරුම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 10 ක් දුරින් ශ්රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇති බවයි සඳහන්.
එමෙන්ම එම පිපිරුමෙන් එක් ශ්රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.