ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු නැදුන්ගමුවේ ඇත් රාජාගේ රටම නොදත් සංවේදී කතාව

689

හොරණ පැත්තේ ලි මඩුවක දර කොටන් ඇද ඇද හිටපු රාජා මිට අවුරුදු 40ට කලින් රුපියල් 75000ක් දීල අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජේ ලොකු වෙද මහත්තයා. එදා ඉදන් ධරමවිජේ පවුලටම එයාලගෙම සමජිකයෙක් වුනා.

එදා ඉදන් රාජාට කන්න කිතුල් කොටයක් අරගෙන ආවත් කවදාවත් ගෙදර වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ දුන්නේ නෑ. අවුරුදු 50ක් කිට්ටු වෙනකොට රාජාගේ කටේ ඉතුරුවුන අන්තිම දත් පේලිය පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජයාට වුන දේ දැනගෙන නිසා වෙන්න ඇති.

අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළු මාමා කොටුවෙන් තට්ටුවක් දන්නේ රාජාට තියෙන ආදරේටයි. අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දල දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දලදෙක උස්සගන්න තියෙන අමාරුව දැකල වෙදමහත්තයා රාජාට නිදාගන්න ඔලුව උඩින් තියාගන්න වෙනමම තැනක් හදලා දුන්නා.

මංගල කුලේ ආසියාවේම දැවැන්තයා වුනත් දහස් ගණන් මිනිස්සුන් එක්ක ගැවසෙනකොට වුනත් රාජාගේ පිටිපස්සේ කකුල් දෙකේ තියෙන දම්වැල් ටික ගලවල තිබ්බේ වේදමහත්තයට රාජා ගැන තියෙන අපමණ විශ්වාශයටයි.

රාජා නිදාගෙන ඉදලා නැගිටිනකොට කකුලේ හැදිලා තිබ්බ ස්වබාවික තුවාලයට උදේ හවස කලුමාමා බෙහෙත් ගෑවා. රාජා මද කිපිලා ගස් බැදලා රාජා ලගට යන්න බැරිවුනත් ඇපල් පිපින්චා අරන් ආවත් ඇතාට දැන් පිපින්චා විතරක් කවන්න ඇතාට දියවැඩියාව හැදෙයි කියපු කලුමාමත් මාරයි.

රාජා හුස්මගන්න සද්දෙන් හැගීම් තේරුම්ගන්න තරම් කලුමාම හා රාජා අතර ලොකු බැදීමක් තිබ්බා. අවුරුදු 40ට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු නැදුන්ගමුවෙ රාජා තව විනාඩි කිහිපයකින් 12 වෙනි වතාවටත් සධාතුක කරඬුව වැඩමවනවා.

නිකන්ම නෙමෙයි ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දෙන් උඩු වියන් යටින් පාවාඩ උඩින්. වෙස්බෙර නර්තන සේසත් ආදී දහස් ගනනක් වුනු ලංකාවේ ප්‍රවින නර්තන ශිල්පීන්ගේ පෙරටුකොටගෙන. රාජාගේ ආරක්ෂාවට වාසනයි ඉන්දිරාජයි දෑලේ තියාගෙන හරිම අපුරුවට ගමන්කරයි.

මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහරේ ඉතිහාසේ අවුරුදු 10 නොකඩවා කරඩුව වඩම්වපු එකම ඇතා නැදුන්ගමුවේ රාජායි. කරඩුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු රාජාට වදින්නේ ඒ පින නිසාමයි. ඇත්තටම රාජා අපමණ පින්කාරයෙක්.

උපුටාගැනීම – යු ටියුබ් විඩියෝවකින්

වීඩියෝව පහලින් බලාගන්න පුළුවන්