ලිඳුල එකම පවුලේ 11කට කොරෝනා

208

තලවාකැලේ,ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 15 දෙනෙක් ඊයේ (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අතර එකම පවුලක 11 දෙනෙක් ද වන බව අප වාර්තාකරු පැවසීය.

ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි පූසාරි කෙනෙකුගෙන් බව හඳුනාගෙන තිබේ.

එම 15 දෙනා අතර සිටි පිරිමි පුද්ගලයින් හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් කන්තාවන් කඹුරුපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් යොමුකිරීමට පියවර ගෙන තිබුණි