1996 ලෝක කුසලාන ජයග්රාහී කණ්ඩායමේ කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරු වූ රොමේෂ් කළුවිතාරණ නව ජාතික ක්රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට සුදානමක් පවතින බව වාර්තා වෙයි.
ජාතික ක්රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධනගේ ආරාධනය කළුවිතාරණ වෙත ලැබී තිබෙන බවත් එම තනතුර භාර ගැනීමට ඔහු එකඟ වී ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
නව ජාතික ක්රිකට් තේරීම් කමිටුව සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය සිව්දෙනෙකුගේ යුත් නම් ලැයිස්තුවක් ජාතික ක්රීඩා කවුන්සිලයට යවා තිබෙනවා.එම ලැයිස්තුවට රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්රමරත්න,කපිල විජේගුණවර්ධන සහ වරුණ වරාගොඩ යන අයගේ නම් ඇතුළත් බවට සඳහන්.
මෙම සිව්දෙනා අතරින් දෙදෙනෙකු පමණක් නව ජාතික ක්රිකට් තේරීම් කමිටුවට පත්වීමට නියමිත අතර පෙර පැවති ජාතික ක්රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු වූ ප්රමෝද්ය වික්රමසිංහ මහතා නව ජාතික ක්රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් කොට තිබේ.
ද මෝර්නින් ඇසුරෙන්