BREAKING NEWS
Search

ලාංකේය වෛද්‍යවරයකු කොවිඩ් තත්ත්වය ගැන තැබූ සංවේදී සටහන

299

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතාබහට ලක්වන වෛද්‍යවරයෙකු වන නුවන් තොටවත්ත සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කොවිඩ් සම්බන්ධව විශේෂ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්

තව දුරටත් ඒක රහසක් නෙවෙයි..මේ වෙනකල් මේ රටේ මිනිස්සු කොරෝනා රෝගයෙන් යම් තරමකට හරි ආරක්ෂා වුණේ රෝගියෙක් වාර්තා වුණ ගමන් එම රෝගියා ලඟින් ඇසුරු කරපු අය ගෙවල් ඇතුලේ තියලා රෝගියා රෝහල් ගතකරපු නිසා.ඒ කාරණා දෙක ඉක්මනින් වෙන්න වෙන්න ලෙඩෙක් නිසා අනික් අයට ලෙඩේ බෝවෙන්න තිබ්බ ඉඩ බොහෝම අඩු වුණා.ඒත් මේ වෙනකොට ඒ ක්‍රම දෙකම අපිට නැතිවෙලා ඉවරයි.අපේ දිස්ත්‍රික්කය ගත්තොත් මේ මොහොත වෙනකොට කොවිඩ් රෝගීන් සීයකට වැඩි ප්‍රමානයක් යවන්න තැනක් නැතිව ගෙවල් වලට වෙලා ඉන්නවා.

මේ අයගෙන් වැඩි දෙනා එක කාමරයක් දෙකක් තියෙන පොඩිගෙවල් වල ඉන්නෙ.ඒ කියන්නෙ ඒ අයගෙ ගෙවල් වල අයට කොහොමත් මේකෙන් ගැලවෙන්න බෑ.ලෙඩ්ඩු වැඩිවෙනවත් එක්ක දවසකට කරන පී සී ආර් පරීක්ෂණ ගානත් වැඩිවෙනවා..එතකොට පෝලිම වැඩි වෙනව.ප්‍රතිපල පරක්කු වෙනවා.ඒ කියන්නෙ නිදහසේ ඉන්න හඳුනා නොගත් ලෙඩ්ඩු ගනන වැඩි වෙනවා.අපේ දිස්ත්‍රික්කෙත් මේ වෙනකොට පරීක්ෂන එක්දාස් පන්සීයක විතර ප්‍රතිපල එන්න තියෙනවා.මේ වෙනක්ල් අපි පුළුවන් තරම් දරුවන් ව ලෙඩෙන් බේරගත්තා.දෙමව්පියන් ඉක්මනින් ඉස්පිරිතාලෙ යවලා.ඒත් තව දුරටත් ඒක කරන්න අමාරුයි.දැන් කරන්න පුළුවන් එක දෙයයි.ඒ තමයි තමන් ගේ ගෙදර ඇතුලට මේ වෙනකල් ලෙඩේ බෝවෙලා නැත්නම් කොහොම හරි ගෙදර ඇතුළට ලෙඩේ එන එක නවත්තගන්න එක.ලෙඩෙන් බේරිලා වැඩ ටික කරගන්න පුළුවන් එක්කෙනෙක්

එළියට ගිහින් එන්න.තත්වයේ බරපතලකම තේරුම් ගන්න ඕනෙ නම්,දිස්ත්‍රික්කයේ තියෙන එකම කොවිඩ් රෝහලේ ඇඳන් තියෙන්නේ එකසිය විස්සක් විතර. මේ රෝගීන් ගාන දැන් දවසකට වාර්තා වෙනවා.අපි දැඩි සත්කාර ඒකක ගැන කතා නොකර ඉමු.ලෙඩ්ඩු ගාන වැඩිවෙනවා කියන්නේ ඔක්සිජන් ඕනෙ වෙන පිරිසත් වැඩි වෙනවා කියන එක.ඒ කියන්නේ මරණ ගනන වැඩි වෙන එක කියන එක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.අපි පොඩි රටක්.සම්පත් නෑ.මේ වෙලාවේ පාවිච්චි කරන්න ඉතුරුවෙලා තියෙන එකම දේ මොලේ විතරයි.උවමනාව තියෙනවා නම් තවමත් යම් තරමක ඉඩක් තියෙනවා.මොකද දුර තියාගන්න එක,මාස්ක් දාන එක,අත් හෝදන එක කියන්නේ කරන්න බැරි දේවල් නෙවෙයි.ඒක ඩෙංගු මදුරුවෙක් ගෙන් බේරිලා ඉන්නවා තරම් අමාරුනෑ.