ලසිත් හා තිසර ආසියානු පිලට කැඳවයි

198

ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත T20 ක්‍රිකට් තරග දෙක සදහා වන ආසියානු සංචිතය ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතයේ ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සාමාජිකත්වය දරනවා.

ඒ අනුව තිසර පෙරේරා සහ ලසිත් මාලිංග මෙම සංචිතය සදහා නම් කර තිබෙනවා.

සංචිතය සඳහා ඉන්දියානු ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත්.

ඉන්දීය නායක විරාට් කෝලි එක් තරගයක් වෙනුවෙන් පමණක් මෙම සංචිතයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තරඟාවලිය මාර්තු 18 වනදා හා 21 වනදා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රෙහ්මාන්ගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මෙම තරග දෙක සංවිධාන කර තිබෙනවා.

ආසියානු කණ්ඩායම පහතින්.

K L රාහුල් ( එක් තරඟයක් සඳහා පමණයි)

විරාට් කෝලි

ශිකර් ධවාන්

රිශාබ් පාන්ට්

මොහොමඩ් ශාමි

කුල්දීප් යාදව්

ලින්ටන් දාස්

තමීන් ඉක්බාල්

මුෂ්ෆිකර් රහීම්

තිසර පෙරේරා

රෂීඩ් ඛාන්

මුස්ටෆීසර් රහ්මාන්

සන්දීප් ලාමිචානේ

ලසිත් මාලිංග

මුජීබ් උර් රහ්මාන්