BREAKING NEWS
Search

ලසිත් මාලිංග ලීග තරගවලින් සමුගනියි

477

ලසිත් මාලිංග ලීග ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කරයි.ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් වන තීරණය මේ මස මුලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා ඇති බවද එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වන්නේ ලසිත් මාලිංගයි. ඔහුගේ තීරණයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාලිංගව කණ්ඩායමෙන් නිදහස් කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මාලිංග වසර 12ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කර තිබේ.