ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට

11810

ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමේ අදහසක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවේය.

ලසිත් මාලිංග වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයකුගේ උපදේශකත්වය තරුණ ක්‍රීඩකයන්ට ප්‍රයෝජනවත් බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිලධාරියා ශ්‍රී ලංකාවේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බවද පැවසුවේය.

මාලිංග සමඟ මෙම අදහස සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා කර නොමැති බවත් ඉදිරියේදී ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ලසිත් මාලිංගට මේවන විට විදේශ කණ්ඩායම් රැසකින්ද වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා ආරාධනා ලැබී ඇති බව දැනගන්නට ලැබේ.

තිස්අටවැනි වියේ පසුවන ලසිත් මාලිංග ටෙස්ට් තරග 30 ක්,එක්දින ජාත්‍යන්තර තරග 226 ක් සහ 20-20 ජාත්‍යන්තර තරග 84 ක් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු‍ 101 ක්,එක්දින කඩුලු‍ 338 ක් සහ 20-20 කඩුලු‍ 107 ක්ද දවා ගැනීමට සමත්ව තිබේ.