ලසිත් මාලිංගගේ විශ්‍රාම ගැනීම ගැන සංගක්කාර කතා කරයි – සම්පූර්ණ විස්තරය

2328

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් දැක ඇති ශ්‍රේෂ්ඨතම වේග පන්දු යවන්නෙක් ලෙස ලසිත් මාලිංග හැදින්විය හැක. කඩුලු 107 ක් ලබා ගත් විස්සයි 20 ක්‍රිකට් පිටියේ සාර්ථකම පන්දු යවන්නා ලෙස මාලිංග හැදින්වේ. ඔහු එක්දින කඩුලු 546 ක් වාර්තා කරමින් සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

2014 අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය සදහා නායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ යෝකර් රජු මාලිංග ය. විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන විස්සයි 20 පන්දු යවන්නා ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී තුන්වන වැඩිම කඩුලු 56 ද ඔහු ලබාගෙන ඇත.

මාලිංගගේ හිටපු නායකයා, විටෙක සගයා වූ කුමාර් සංගක්කාර ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගැන මුලින්ම ඔහුට සුබ පතමින් මෙළෙස අදහස් ප්‍රකාශ කළේය.

මාලිංගගේ විශ්‍රාම ජීවිතයට සුභ පැතුම්, ශ්‍රී ලංකාව සහ ලෝක ක්‍රිකට් සදහා ඔබේ දායකත්වය සැමදා පවතිනු ඇත. ඔබ සමග සෙල්ලම් කිරිම එතරම් සතුටට කරුණකි. ඔබ මෙතැන් සිට කිරිමට තීරණය කරන සෑම දෙයක්ම සාර්ථක වේවා.