BREAKING NEWS
Search

ලසිත්ගෙන් සහ ලහිරු තිරිමාන්නගෙන් අලුත් වාර්තා දෙකක්

461

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය අද (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට අද සමත්වුණා.

ඒ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමින්.

24 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය මේ දක්වා ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 66කට කඩුලු 05ක් දවා ගැනීම ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන්ව තිබුණා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339ක්.

එහිදී නායක ජෝ රූට් ලකුණු 186ක් ලබාගැනීමට සමත්වුණා.

සිය පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන රමේෂ් මෙන්ඩිස් පළමු කඩුල්ල දවා ගැනීමට ද අද සමත් වු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න උඩ පන්දු 05ක් රැක ගැනීම ද විශේෂත්වයක්.මාක් වුඩ්ගේ උඩපන්දුව සුරැකිව රැකගත් ලහිරු තිරිමාන්න වාර්තා පොත් අතරට එක් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනීමක වැඩිම උඩපන්දු රැකගත් පන්දුරකින්නා වශයෙනි.