BREAKING NEWS
Search

ලබන සඳුදා සිට කොවිඩ් සමඟ වැඩකරන හැටි….!

279

මැයි 11 වනදා රාජ්‍ය ආයතන සේවා ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍ර විෂබීජහරණය සඳහා අවශ්‍ය විෂබීජ නාශක දියර, මුහුණු ආවරණ හා අත්සේදුම්කාරක ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඉදිරිපත් විය.

එම භාණ්ඩ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලිට්‍රෝ ගෑස් සමාගම එක්ව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සැපයෙන අතර ඒවා අදාළ අංශ වෙත භාරදීම අද (08) නිල වශයෙන් සිදුකෙරුණි.

මේ අතර රජය විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව රූපලාවන්‍යාගාර විවෘත කිරීමේ හැකියාව පිළිබඳ ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එමෙනම , අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නව හෙද නේවාසිකාගාරය විවෘත කිරීම අද සිදුකෙරුණි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

හෙද සාමාජිකයින් තිස්දෙදෙනෙකු සඳහා කාමර 16 කින් සමන්විත නේවාසිකාගාරය ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබාදුන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුදහමුදාපති ජෙනරාල් දයාරත්නායක මහතාගේ මැදිහත්වීමෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අමෙරිකාවේ පිහිටි ඊස්ට් කෝස්ට් පදනමේ රුපියල් මිලියන 15ක මුල්‍ය දායකත්වයෙන් මෙය ඉදිකර ඇත.