පාසල් විවෘත කරන්න පුලුවන් – බන්දුල ගුණවර්ධන

753

දැනට තාවකාලිකව වසා දමා ඇති සියලු පාසල් ලබන සතියේ දී විවෘත කිරීමේ හැකියාවක් ඇති බව රජය පවසනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිසි ලෙස හඳුනාගනිමින් මේ වනවිට එය පාලනයට නතුකරගෙන ඇති බව යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයට සහතික වී ඇති බවයි අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව පාසල් විභාග කටයුතු ද කඩිනමින් පැවැත්වීමට හැකියාවක් ඇති බවට රජය විශ්වාස කරන බව අමාත්‍යවරයා අවධාරණය කළා.