BREAKING NEWS
Search

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ක්‍රීඩාංගන දෙකක

50

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පළමු තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන පැවති අතර මෙවර තරගාවලිය තවත් එක් ක්‍රීඩාංගණයක පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලි ද සිල්වා මහතා සදහන් කර තිබෙනවා.මෙවර තරගාවලියත් කණ්ඩායම් 05 ක සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර මේ වසරේ ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 22 වනදා තෙක් පැවැත්වීමට පසුගියදා තීරණය කළා.

”අපි තරගාවලිය කොහොමත් පවත්වන්න සැලසුම් කරලා තිබුණේ ජූලි හා අගෝස්තු මාසවල තමයි.නමුත් තරගාවලි එසේ පැවැත්වීමට කාලයක් තිබේද යන ගැටලුව අපට තිබුණා.ඒ වගේම රට තුළ පැවති කොවිඩ් තත්වයත් ලොකු අභියෝගයක් වූවා.නමුත් තරග සංවිධානය කරන සමාගම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට එකගවීම නිසා ජූලි – අගෝස්තු වලදී තරගාවලිය පවත්වනවා” යැයි ඔහු සදහන් කර තිබෙනවා.

”අපි තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණය සැලසුම් කරමින් සිටිනවා.අපි අවසන් තීරණය ලබාගැනීමට පෙර තරග සංවිධායකයන් සමගින් සාකච්ඡා කරනවා.එක් ක්‍රීඩාංගණයක සම්පූර්ණ තරගාවලියම පවත්වනවාද නැත්නම් ක්‍රීඩාංගණ දෙකක එය පවත්වනවාද යන්න පිළිබඳව අවසන් තීරණය තවම ගෙන නෑ.අපේ සැලසුම් වල දෙවන ක්‍රීඩාංගණය විදියට පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තිබෙනවා. එක් ක්‍රීඩාංගණයක් කේන්ද්‍ර කරගෙන තරගාවලිය පැවැත්වුවහොත් එය බොහෝවිට හම්බන්තොට ක්‍රීඩාංගණය වේවි” යැයි ඈශ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

”අපට තරගාවලිය සියලු විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ලැබෙන තුරු ලැබෙනතුරු කල් දැමීමට හැකියාවක් නෑ.සිටින ක්‍රීඩකයන් සමගින් අපි තරගාවලිය පැවැත්විය යුතුයි.මේ වන විට ලොව පුරාම 20 – 20 තරග පැවැත්වෙනවා.ඒ නිසා අපට හොඳ විදෙස් ක්‍රීඩකයන් 25 – 30 සොයාගන්න එක ගැටලුවක් නෑ.සියලුම දේශීය ක්‍රීඩකයන් තරගාවලිය සදහා සූදානම් වෙලා සිටින්නේ.අපි ජූලි – අගෝස්තු කාල සීමාව කිසිදු අන්තර්ජාතික තරග ක්‍රීඩා නොකර LPL තරගාවලිය සදහා වෙන්කරගෙන සිටින්නේ” යැයි ඈශ්ලි ද සිල්වා මහතා සදහන් කර සිටියා.