ලංකාවේ 416 වන කොරෝනා ආසාදිතයත් වාර්තා වෙයි…!!!

270

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද(24) රාත්‍රී 8 වන විට වාර්තා වු මෙම ආසාදිතයා සමඟ අද දිනයට ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වන අතර ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 416 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 109 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 300 ක් දෙනා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වු අතර ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්.

ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි.

මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එමෙන්ම අද දිනය තුළ ‍මීට පෙර ආසාදිතයින් 47 දෙනෙක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව රෝගීන් 11 දෙනෙකු නිරෝධානයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවත මාවතෙන් වාර්තා වී ඇත.

30 දෙනෙකු වැලිසර නාවික කඳවුරේ සිටින නාවිකයින් පිරිසකි.

5 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටින නාවික හමුදා නාවිකයන් වන අතර දිවයිනේ පහත ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

-රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්.

-කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ ප්‍රදේශයෙන්.

-කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්.

-බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයෙන්.

– මහනුවර දඹුල්ල අත‍බෝධි වැව ප්‍රදේශයෙන්.