BREAKING NEWS
Search

ලංකාවේ නම කැත කළ ” කැරොලින් ජූරිගේ ” ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමි කිරීමේ තීරණයක්

171

කතා බහට ලක්ව ඇති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟයේදී ශිරන්ති රාජපක්ෂ , ජලනි ප්‍රේමදාස සහ රෝසි සේනානායක සහභාගී වූ අතර. තරඟාවලියේ අවසන් අවස්ථාවේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ හට ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා රෝසි සේනානායක සහ ශිරන්ති රාජපක්ෂ පැමිණ සිටියහ.
2020 විවාහක රෑ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා තේරී පත් වූ අතර 2019 දී ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ඇයට කිරුළ පැළඳීම සිදු කළාය.

ඉන්පසුව ශිරන්ති රාජපක්ෂ සහ රෝසි සේනානායක යන මහත්මියන් එක්ව ජයග්‍රාහිකාව හට සුබ පතමින් ත්‍යාග ප්‍රධානය කළහ.

නමුත් ආරාධිතයන් පිටව ගිය පසු ලෝක විවාහක රෑ රැජින වන කැරොලින් ජූරි විසින් ප්‍රකාශ කර සිටියේ විවාහක රෑ රැජින තරඟාවලියේ නීතියක් ඇති බවත් එහිදී සියලු තරඟකාරිනියන් විවාහක විය යුතු බවත්,දික්කසාද වී සිටින තැනැත්තියන් හට මෙම තරගයට ඉදිරිපත් විය නොහැකි බවත්ය.

ඒ අනුව කැරොලින් ජූරි විසින් කිරුළ පුෂ්පිකා ද සිල්වාගෙන් ගලවා ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර දෙවැනි ස්ථානය නිදාගත් රෑ රැජින හට එය පැළැන්ඳ වීමටද කටයුතු කළාය.

මේ පිළිබඳ විවාදය මේ වනවිටත් ජාත්‍යන්තර විවාහක රූ රැජිණ තේරීමේ සංවිධායක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව කැරොලින් ජූරි ලෝක රූ රැජිණකට නොගැළපෙන ආකාරයකින් රූ රැජිණ තරඟයකදී කටයුතු කිරීම හේතුවෙන් 2019 වසරේ ඇයට හිමි වූ ලෝක රූ රැජිණ කිරුළ අහෝසි කිරීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මේ වනවිට ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ද පැමිණිලි කර තිබේ.

වගඋත්තරකරුවන් පස්දෙනෙකු නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බ

nawabima