“ලංකාවයි ඉන්දියාවයි මැච් එක නිකන් පාසල් කණ්ඩායමක් සහ විශ්වවිද්‍යාල කණ්ඩායමක් අතර තිබුණු තරඟයක් වගේ අපට පෙනුනෙ” – Ramiz Raja

2642

සංචාරක ඉන්දිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය පෙරේදා නිමාව දුටුවේ ඉන්දීය කණ්ඩායමට කඩුලූ 7 ක පහසු ජයක් හිමිකර දෙමිනි.

පෙරේදා තරගය පිළිබඳව පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් විස්තර විචාරක රමීස් රාජා යූටියුබ් නාලිකාව ඔස්සේ මෙවන් අදහසක් ප්‍රකාශ කර ඇත .

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරඟය විශ්වවිද්‍යාල කණ්ඩායමක් හා පාසල් කණ්ඩායමක් අතර තරගයක් වගෙයි මටනම් පෙනුනේ යනුවෙන් රමීස් රාජා ප්‍රකාශ කොට ඇත.

සිය යූටියුබ් නාලිකාව ඔස්සේ තරගය පිළිබදව අදහස් දක්වමින් රමීස් රාජා මෙලෙසින් ප්‍රකාශ කොට ඇත.

” ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පාසල් කණ්ඩායමක් හා විශ්ව විද්‍යාල කණ්ඩායමක් අතර තරගයක් මෙන් පෙනුනා. තරගය තේරුම් ගැනීම , හැකියාවන් හා දක්ෂතා ක්‍රියාත්මක කිරීම යනාදිය අතර වෙනස එයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෙය අභියෝගාත්මක අවස්ථාවක්. මක්නිසාදයත් ඔවුන් ක්‍රීඩා කරන්නේ තමන්ගෙ රට තුළමයි. ඔවුන් පළමු තරගය සඳහා සඳහා පැතලි විකට්ටුවක් ලබා දුන්නද එයද සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවකින් අවසන් විය.” යනුවෙන් රමීස් රාජා ප්‍රකාශ කොට ඇත.

ඉන්දීය දඟ පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරය රමීස් රාජා විවේචනයට ලක් කළේය. එමෙන් ම ඉන්දීය දගපන්දු යවන්නන්ට එරෙහිව ඊයේ තරගයේ දී පිතිකරණයේ නියැලුණු ආකාරය පිළිබඳව ද රමීස් රාජා කලකිරීමට පත්ව ඇත. .

” ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන්ට එරෙහිව පිතිකරණයේ නියැළුණු ආකාරයෙන් පෙනීගියේ ඔවුන්ට දගපන්දු යවන්නට පහර දීම පිළිබදව අවබෝධයක් නොමැති බවයි. ඉතිහාසය දෙස බලන විට ශ්‍රී ලංකා පිතිකරුවන් සෑම විටම සැමවිටම දඟ පන්දු යවන්නන්ට එරෙහිව සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ කණ්ඩායමක්. නමුත් වර්තමානයේ දී එය එසේ නොවන බවයි පෙනී යන්නේ.” යනුවෙන් රමීස් රාජා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.