වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකකටයුතු රෝගීන් ඇතුළුත් කිරීමේ වාට්ටුවේ සිටි කාන්තාවක් අද එම වාට්ටුවෙන් පලා ගොස් තිබෙනවා.
අදාල කාන්තාවට කොරෝනා පිලිබඳව ඇති වූ සැකයක් මත රෝහලේ කොරෝනා සැකකටයුතු වාට්ටුව වෙත ඇතුළුත් කර පී.සී.ආර් පරීක්ෂණ ලැබෙන තෙක් එහි රඳවා තිබෙනවා.
එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබී ඇති අතර එම ප්රතිඵල ලැබීමට පෙර අදාළ කාන්තාව අද දින මෙලෙස පලා යාමට උත්සාහ කල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
මෙම කාන්තාව රෝහලේ ඉදිපස ගේට්ටුවෙන් පැන ප්රධාන මාර්ගය වෙත ඇතුළු වී පසුව කෙල ගසමින් පාර පුරා දිව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුව වහාම ක්රියාත්මක වූ රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශ මෙම කාන්තාව සාර්ථකව අල්ලාගෙන රෝහලේ වාට්ටුව වෙත නැවත ඇතුළුත් කර තිබෙනවා.
එම කාන්තාව 31 හැවිරිදි කුරුණෑගල ප්රදේශයේ පදිංචිකාරියක්.



