BREAKING NEWS
Search

“රෝමය ගිණි ගද්දි වීණා වැයුවා වගේ ක්‍රීඩකයෝ කාර්ඩ් සෙල්ලම් කරමින් ඉන්න හැටි දැක්කම කල කිරෙනවා ” -සනත් කියයි

1196

අතිරේක ක්‍රීඩකයින් තරඟය අතරතුර කාර්ඩ් ක්‍රීඩා කරමින් සිටිනු දකින්නට ලැබීම කණගාටුවට කරුණක් බව හිටපු ශ්‍රී ලංකා නායක සහ සුපිරි පිතිකරු සනත් ජයසුරිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තරඟයක අසීරු අවස්ථාවකදී ක්‍රීඩකයින් අවබෝධයෙන් හැසිරිය යුතු බවයි.

මෙවැනි සිදුවීම් කලකිරීමක් ගෙන දෙන බවද පවසන ඔහු කියා සිටින්නේ තරඟයක් අතරතුර මීට වඩා ඒ කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බවයි.