BREAKING NEWS
Search

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට පැවරෙයි

517

රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසනවා.

වසර 11ක් පුරාවට දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මෙරට රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරනු ලැබුවා.

නව රජය බලයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට තීරණයක් ගත අතර ඒ අනුව එම කාර්ය ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමටයි තීරණය කළේ.

එමඟින් විදෙස් සමාගමක් වෙත ගිය විශාල මුදලක් මෙරට තුල ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ.