පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිත දින 20ක් වයසැති බිලිඳාගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ඒ එම වයසේ පසුවන බිලිඳෙකුගේ දේහයක් ආදාහනය කිරීම යෝග්‍ය නොවන බව පවසමින්.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බිලිඳා ගේ සිරුරු භාර ගැනීමට පැමිණෙන ලෙසට දෙමව්පියන්ට දැනුම් දුන්නත් ඔවුන් නොපැමිණි බවයි.
” මියගිය බිලිඳා ගේ දේහය සම්බන්ධයෙන් වන වෛද්‍ය පරීක්ෂණ සහ පොලිස් පරීක්ෂණ අවසන් වුවාට පසුව අපි දෙමව්පියන්ට දැනුම් දුන්නා පැමිණ දේහය භාර ගන්න කියලා. නමුත් ඔවුන් පැමිණියේ නැහැ. පසුව එම බිලිඳා ගේ ඥාතියෙක් රෝහලට පැමිණියා. ඔහු පැවසුවා දේහය භාර ගැනීමට නොහැකි කියා. ඒ අනුව ඊයේ සවස් කාලය වන තෙක් අපි බලා සිටියා. නමුත් මියගිය බිලිඳා ගේ පාර්ශවයෙන් කිසිදු පැමිණීමක් සිදුවූ නොමැතිකම හේතුවෙන් අපි රජයේ වියදමින් දේහය ආදාහනය කිරීමට කටයුතු කළා” යැයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.
Sorce -Newswire