රාජිතට අධි චෝදනා බාර දේ.රටින් පිටවීම තහනම්.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වේ

273

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වරයා වන මොහොමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණයේදී අද අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් මෙම අධි චෝදනා ගොනු කර ඇත.

විත්තිකරුවන් දෙදෙනා ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා ඇත.

මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් ලෙස අදාළ මාධ්‍ය සාකච්ඡාවට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා ඉදිරිපත් වීමට නියමිතයි.

දැනටමත් ඔවුන් ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර තිබේ.

මෙම නඩුව ලබන මස 22 වනදා දක්වා කල් දමා ඇත