රාජකාරී වෙලාවේ වෙනස්වීමක් ?

280

පවතින මාර්ග තදබදයත් සමඟ රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙනවා .

අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ සියලු දෙනා එකම වෙලාවක වැඩ ආරම්භ කිරීම වෙනුවට සතියකට පැය 40ක් වැඩකිරීම සම්පුර්ණ කිරීම සඳහා නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවයි .

ඒ පිලිබඳ දැනටමත් අධ්‍යයනය කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා .

මේ අතර කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා මගී සුවපහසුව සහිත කෙටි දුර ධාවනයට උචිත බස් රථ 200ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.