පොහොට්ටුවට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය නොකරන ලෙසත් අය වැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමත් මද්දුමගේ හට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.දෙසැම්බර් 3 වැනිදා හොරණ ප්‍රා දේශීය සභාවේ අයවැය පළමු ඡන්ද විමසීම සිදු කර ඇති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක වරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා පොහොට්ටුවේ පිරසක් හා එක්ව අය වැය පරාජය කොට ඇත.පසුව එජාප කලුතර දිස්ත්‍රික් සංවිධායක ලක්මන් විජේමාන්න ප්‍රා. සභාවේ විපක්ෂ නායකයාට උපදෙස් දී ඇත්තේ අය වැය දෙවැනි වර කියවීමේදී පරාජය නොකරන ලෙසයි.ඉන් නොනැවතී එජාප උපසභාපති සාගල රත්නායකද විපක්ෂනායකයාට දුරකතනයෙන් අමතා ලබන වසරේ පෙබරවාරි හා මාර්තු වන විට රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ආණ්ඩුවක් පිහිටු වන බවත් ඊට විදුර වික්රමනායකගේද නොමද අනුග්‍රහය ඇති බවත් ඒ නිසා හොරණ අය වැය පරාජය කොට විදුරගේ හොඳ හිත පලුදු නොකරන ලෙසත් පවසා ඇත.අනතුරුව සාගල කෝල් කොන්ෆරන්ස් දමා රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී රනිල් පවසා ඇත්තේ සාගල පවසන පරදි කටයුතු කර අය වැය පරාජය නොකර එය ජයග්‍රහනය කරවන ලෙසයි.මේ සිදුවීමත් සමගම එජාපයේ බිම් මට්ටමේ දේශපාලනඥයින් කෝපයට හා කලකිරීමට පත්ව ඇති අතර එජාප ජ්‍යෙෂ්ඨයින්ට මෙ බව දන්වමින් කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පතා ඇත.හොරණ විපක්ෂනායක චමත් සිය හිතවතුන්ට මේ බව පවසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ පක්ෂ නායකයින් කෙබදු උපදෙස් දුන්නත් ගමේ දේශපාලනය කරන තමන් ගමට මූණ දීමට හැකි ආකාරයෙන් හැසිරිය යුතු බැවින් පක්ෂ නායකයින් කුමක් කීවත් එය නොතකා අය වැය පරාජය කරන ලෙසයි.
Home Local රනිල් එළිපිට පොහොට්ටුවට කඩේ යයි! හොරණ අයවැය පරාද නොකරන ලෙස එජාප මන්ත්‍රීවරුන්ට නියෝග කරයි
LocalPolitical
රනිල් එළිපිට පොහොට්ටුවට කඩේ යයි! හොරණ අයවැය පරාද නොකරන ලෙස එජාප මන්ත්‍රීවරුන්ට නියෝග කරයි
Dec 19, 2021, 03:27 am0
268
Previous Postචීන පොහොර නැවට රු.කෝ.1300ක් තියා සත 300ක් ගෙවා ගන්න බෑ
Next Post2022 අලුත් අවුරුද්ද වෙනකොට බැසිල් ඇමතිතුමා බඩු අඩු කරලා පෙන්වනවා