රනිල්ට වඩා ගෝටාභය විනාශකාරීයි..- අනුර

179

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට යා නොහැකි වූ මාවතේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරමින් සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේගවත්භාවය සහ විනාශකාරීත්වය නිසා ඔහුට එල්ල වී ඇති විවේචන ප්‍රබල වී ඇති බවය.

රජය අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ග හා අර්බුදයේ ගමන් මාවත නිර්මාණය කර ඇතැයි ද පැවසූ ඔහු ජනතාව විෂ දුම පිරි මාවත තෝරා ගන්නේද නැතහොත් විසඳුම ඇති මාවත තෝරා ගන්නේද යන්න තෝරා ගත යුතුව ඇතැයි කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පැලවත්ත පක්ෂ මූලස්ථානය සිට අමතමිනි.