පසුගිය දිනවල අඛණ්ඩව රන් මිල ඉහළ ගියද මේ සතිය තුළ රන් මිල තරමක් දුරට පහත වැටීමක් සිදුව ඇති බව පැවසෙනවා.
ඒ රන් අවුන්සයක මිල පසුගිය සතියේ ඩොලර් 90 කින් පමණ පහත වැටී සති අන්තයේ රන්මිල ඩොලර් 1,950 ක් ලෙස සටහන් වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, එය සාපේක්ෂව ඉහළ මිලක් ලෙසයි සටහන් වන්නේ.