රන් මිලට ලඟදීම වෙන්න යන දේ ගැන අනාවරණයක්

890

ලෝක වෙළඳ පොලෙහි රත්‍රන් අවුන්සයක මිල මේවන විට ඩොලර් 1800 සීමාව ඉක්මවා ඇති බව වාර්තා වෙනවා.

රත්‍රන් මිල මෙලෙස ඉහළ යාමට හේතු ලෙස දැක්වෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීම සහ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර යාම හමුවේ ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පමා වීම යි.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ එය ඉදිරියේ දී තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවයි.

ඉදිරි වසර තුළ රත්‍රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2000 ද ඉක්මවා යා හැකි බව ද ඔවුන් පුරෝකතනය කරනවා.

මේ අතර රත්‍රන් මිල දිනෙන් දින උච්ඡාවචනය වීම හේතුවෙන් මෙරට රන් කර්මාන්තය කඩා වැටී ඇති බව දේශීය රන්කරුවන් පවසනවා.

මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම කර්මාන්තය රැක ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

අද දිනයවන විට මෙරට තුළ රත්‍රන් පවුමක මිල එක්ලක්ෂ දහ අටදහසක් වැනි අගයක්වන බව සඳහන්.

මෙම තත්ත්වය යටතේ දක්ෂ දේශීය රන්කරුවන් කර්මාන්තය හැර යාමට පටන්ගෙන ඇති බවත්,මේ හේතුවෙන් ඉන්දියාව,සිංගප්පූරුව සහ චීනය වැනි රටවල්වලින් බාල රන් බඩු ආනායනය කිරීමට පටන්ගෙන ඇති බවත්,ඒ හරහා රටට කැළැලක් ඇති විය හැකි බවත් සමස්ත ලංකා රන්කරුවන්ගේ සංගමයේ සභාපති මංගල හර්ෂ කුමාර මහතා පෙන්වා දෙනවා.