රත්‍රං මිල පහත බසියි.

4755

මෙරට වෙළඳපොළේ රන් මිල පහත බැස ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා සිටි.

ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91000ක් වේ.

එසේම කැරට් 24ක රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99000ක් ලෙසයි.

කොරෝනා වසංගත තත්වයත් සමගම පසුගිය කාල සීමාවේ මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ යයි.

ඒ අනුව අගෝස්තු මස 08 වනදා වනවිට මෙරට රන්මිල ඉහළම අගයක පැවතිය අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100500ක් ලෙස සටහන් විය.

අගෝස්තු මස 08 වනදා වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 109500ක් ලෙසයි.