රට වෙනුවෙන් වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕනී – කිත්රුවන්

53

කිත්රුවන් විතානගේ කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 10 ක් එක්දින ජාත්‍යන්තර තරග 06 ක් හා 20 – 20 තරග 03 නියෝජනය කළ ප්‍රවේගවත් මැදපෙළ පිතිකරුවෙක්. අවසන් වතාවට 2016 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කිත්රුවන් මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවනවා.පසුගියදා රූපවාහිනී වැඩසටහනකට පැමිණ ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව අදහස් දක්වනින් ඔහු සදහන් කර සිටියේ ක්‍රීඩකයන් ලෙසට පරිස්සමෙන් කටයුතු කළයුතු බවයි.

“ජේෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ගන්න නවක ක්‍රීඩකයන්ට ලොකු දේවල් ටිකක් තියෙනවා.හැබැයි මේ ක්‍රීඩකයන් එන්නේ විවිධ පසුබිම් වලින්.ඒ පවුල් පසුබිම් එක්ක සමහර අය අකමැති වෙන්න පුළුවන් කියලා දෙනා දෙයක් අහන්න.හැසිරීම කියන එක් තමන් තමන් සතු වගකීමක්.එකිනෙකාට වෙනස් දෙයක්.මම දැනගන්න ඕනී ඒ තැනට ගිහින් හරියට හැසිරෙන්නෙ.දැන් සෝෂල් මීඩියා ගොඩක් ජනප්‍රියයි.ඉස්සර වගේ නෙමෙයි වැරද්දක් කළත් ඉක්මනින් එළියට යනවා.ක්‍රීඩකයන් විදියට ගොඩක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනී.ක්‍රීඩකයන් ක්‍රිකට් ගහනවා වගේම රට වෙනුවෙන් සෙල්ලම් කරනකොට වගකීමෙන් යුතුව හැසිරෙන්න ඕනී” යනුවෙන් කිත්රුවන් විතානගේ සදහන් කර සිටියා.