BREAKING NEWS
Search

රට වැසීම ගැන තීරණයක් ගන්න කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

253

රට පූර්ණ වශයෙන් වසා දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් වන යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙන බව දේශපාලන ආරංචි පවසනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ එකගතාවය අනුව රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

රටේ ආර්ථිකයට බලපෑමක් නොවන අයුරින් රට වසා දැමීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව කෘෂිකාර්මික,ධීවර කටයුතු සහ අපනයන කර්මාන්ත වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි යෝජනා වී ඇත්තේ. සිල්ලර වෙළදසැල් සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර රට තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පූර්ණ වශයෙන් හෝ සියයට 75 ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදුවුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවට ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනා.

ඒ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි.කෙසේවෙතත් රට තුළ ඇදිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත් සංචරණ සීමා පැනවීමට පමණක් අවස්ථාව ඇති බවත් එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස අදහස් පළ කළා.