රට වහන්නේ නෑ..60 ට වැඩි අය PCR කරන්න – ජනපතිගෙන් උපදෙස්

713

වයස අවුරුදු 60ට වැඩි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12) උපදෙස් ලබාදී ඇත.

කොවිඩ් ආසාදිතව මි ය යන පුද්ගලයන්ගෙන් බහුතරය වයස අවුරුදු 60 ඉක්මවූවන් බැවින් ම’රණයෙන් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.

වයස අවුරුදු 60 ඉක්මවූවන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර ඔවුන්ට රෝගය වැලඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට නියමිතය.මෙහිදී දියවැඩියාව, හෘ ද රෝග,වකුගඩු රෝග වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති වයස අවුුරුදු 60 ඉක්මවූවන්ට පීසීආර් පරීක්ෂණ සිදු කෙරේ.

එහිදී තවදුරටත් ජනාධිපතිවරයා සෞඛ්‍ය ප්‍රධානීන්ට අවධාරණය කළේ රට වසා දැමීම සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

රට වසා දැමුවහොත් දිනපතා වැටුපක් ලබන සහ බොහෝ රාජ්‍ය සේවකයින්ට එය දැඩි ලෙස බලපානු ඇති බවද ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා හා සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ (12) පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී ඇත. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.