රට වසා තිබියදීත් 7-8 දිනවල අධිවේගීවල වාහන ලක්ෂයක් දුවලා

160

සංචරණ සීමා ක්‍රියාත්මක වූ පසුගිය 7 සහ 8 යන දෙදින අධිවේගී මාර්ගවල වාහන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.අධිවේගී මාර්ගවල පසුගිය 7 වැනිදා වාහන පනස් එක් දහස්හත්සිය අනූවක් ද,පසුගිය 8 වැනිදා වාහන හතළිස් හත් දහසක්ද

මෙසේ ධාවනය වී ඇත.මෙම දින දෙකේදී රථවාහන ධාවනයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධිකය. මේ සම්බන්ධයෙන් අප අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් ලොඩ්වික් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනය පොදුවේ සියයට 60කින් පමණ අඩු වී ඇති බවය.

සංචරණ සීමා නැති වෙනත් සාමාන්‍ය දිනයකදී අධිවේගී මාර්ග වලින් උපයන ආදායම දළ වශයෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න යැයිද,මේ දිනවල එම ආදායම හරි අඩකින් පමණ අඩු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ගවල මේ දිනවල ගමන් ගන්නා වාහන ප්‍රමාණය අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන සහ ගිලන්රථ ද ඇතුළත් වන බව මාර්ග සංවර්න අධිකාරියේ නිලධාරීහු පවසති.

(සුජිත් හේවාජුලිගේ)