ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතර සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ව තිබෙනවා.
එහි දී කොරෝනා ව්‍යාප්තිය සහ ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමක් ද ජනාධිපති කාර්යාලයේ දී අද (20) පෙරවරු 11 ට ආරම්භ වුණා.
එහිදී ඉදිරියේදී රට තුළ සම්පූර්ණ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.