BREAKING NEWS
Search

රට ලොක්ඩවුන් කරනවාද-නැද්ද? ජනපති හෙට අවසන් තීන්දුව ගනී

914

දැනට රට ඇතුළේ මතුව ඇති කොරෝනා අවදානම හමුවේ රට හෝ යම් යම් ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධයෙන් හෙට (23) දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

ඒ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවකදීය

මෙම සාකච්ජාවට විශේෂඥ වෛද්‍යවරුන්,ආරක්ෂක අංශ ප්‍රධානීන්,මැතිඇමැතිවරුන් ඇතුලු විශේෂ පිරිසක් සහභාගී වීමට නියමිතය.

කෙසේවෙතත් දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දී ඇත්තේ දැනට පවතින තත්ත්වය යටතේ රට යම්කිසි වසාදැමීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවකි.

ඒ අනුව ඉදිරිපත්ව ඇති කරුණු සාකච්ජා කොට හෙට දිනයේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

මුලාශ්‍ර mawratanews