BREAKING NEWS
Search

රට නියෝජනය කරද්දි පෞද්ගලික දේවල් පටලගන්න හොඳ නෑ -T M ඩිල්ශාන්

318

රට නියෝජනය කිරීමේදී තමන්ගේ පෞද්ගලික කටයුතු බැහැර කර කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ඔහු මේ බව කියා සිටියේ වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඊයේ බංග්ලාදේශ ප්‍රවීනයන් සමඟ පැවති තරඟය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළා. එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ගත්තා.

කෙසේ වෙතත්,ප්‍රවීණයින්ගේ කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට ඉන්දියාවේ රායිපූර් හි සිටි අදහස් දැක්වූ නායක තිලකරත්න ඩිල්ෂාන්.

ඊයේ පැවති තරඟයේදී ඩිල්ෂාන් තම සුපුරුදු පන්දු රැකීමේ විශිෂ්ඨත්වය ප්‍රකට කළා.

ඒ සම්බන්ධයෙන්ද අප ඔහුගෙන් විමසීමක් කළා.

වත්මන් ජාතික කණ්ඩායම සහ ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමාජ මාධ්‍ය ඔස්සේ සැසඳීම සම්බන්ධයෙන් සහ ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියේ වැඩි වෙහෙසක් යොදා කටයුතු කිරීමෙන් දක්ෂතා ඉස්මතු කරගත හැකි බවයි.