රට තවදුරටත් වසා දමනවාද ? තීරණය අද

149

රට තවදුරටත් වසා දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණය කරනු ඇතැයි වාර්තා වනවා.

ඉහළ පෙළේ සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ අද පැවැත්වීමට නියමිත කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්ම කාල සීමාව තුළ ප්‍රගතිය මෙන්ම රට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හා සිදුවන මරණ සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.

රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කෙරුණේ ඉකුත් සිකුරාදා දිනයේයි.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පනවා අදට සතියක්.එහෙත් කොළඹ නගරය ඇතුලු බොහෝ ප්‍රධාන නගරවල ජනතාව මෙන්ම රථ වාහන සැලකිය යුතු මට්ටමකින් තිබෙන අයුරු දැකගත හැකි වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා අකුරටම ක්‍රියාත්මක නොවන පසුබිමකයි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී රටේ ඉදිරිය පිළිබඳ තීරණයක් ගත යුත්තේ නිවැරදි දත්ත මත පදනම්ව බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එහි මද්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ නිවැරදි නොවන තීන්දුවක් යම් හෙයකින් ගතහොත් රටේ තත්ත්වය තව දුරටත් බැරූරුම් කිරීමට එය හේතු වනු ඇති බවටයි.