BREAKING NEWS
Search

රටේ තත්ත්වය ඛේදවාචකයක් වේවි! රෝහල්වලට දරාගන්න බැරි වේවි!! භයානක අනතුරු ඇගවීමක්!!!

140

“යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා.එය ඉතාම භයානක තත්ත්වයක්.මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් මෙය රෝහල්වලට දරාගත නොහැකි තත්වයකට පත් වෙනවා.එහෙම වුවහොත් එය සමාජගතවීමක් හැටියට සැලකීමටත් ඉඩ තිබෙනවා.අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් අපි ලොකුම ඛේදවාචකයකට පත් වනවා.විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා නැවතත් දින 14 නිරෝධායනය අනිවාර්ය කළා.සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා යෑම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි.දැන් තිබෙන වර්තමාන වෛරස් තත්ත්වය අනුව පොදු ප්‍රවාහන සේවයේ යෑමේදී දැඩි ප්‍රවේශම්කාරීව ගමන් කළ යුතුයි’යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

එම නිසා ජනතාව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා පැවසීය.