රටම ආදරය කරන ප්‍රවීන නිලි මීනා කුමාරි කාලයකට පස්සේ කියපු කතාව

238

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතර ඉන්න හැමෝගෙම ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි මීනා කුමාරි කියලා කියන්නේ.මීට වසර ගණනාවකට පෙරෙදී ක්ෂේත්‍රයට පිවිසෙන ඇය තමන්ටම ආවේණික වු සුවිශේෂී රංගන හැකියාව ප්‍රගුණ කර ගනිමින් වේදිකාවෙන් සිනමාවටත් සිනමාවෙන් පුංචි තිරයටත් පිවිසෙමින් ඇය ජනප්‍රියත්වයේ ඉහළටම ගමන් කරනු ලැබීය.

කොහොම නමුත් දක්ෂ මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස ඇය සිය රංගන දායකත්වය දක්වන නිර්මාණයන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම යන්නේ නිරායාසයෙන් කිව්වොත් නිවැරදියි.ඊට වර්තමානයේ විකාශනය කෙරෙන නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍ය කදිම උදාහරණයක් සපයනු ලබනවා. ඉතින් එලෙස වර්තමානයේ ජනප්‍රියත්වයට පත් නාඩ්ගම්කාරයෝ ටෙලි සිතුවමේ කුසුම්ලතාගේ චරිතයට සිය රංගන දායකත්වය දක්වනුයේ ඇයයි.ඒ බව රහසක් නොවෙයි.

කොහොම නමුත් ඉතින් පසුගිය දිනක මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එකතුවෙලා තිබුණා.එහිදී ඇය ඇගේ වර්තමාන ජීවිතය සම්බන්ධයෙන් වගේම රංගන කටයුතු ගැනත් කතා කරල තිබුණා.ඉතින් එහිදී ඇය කියලා තිබුනේ මේ වගේ කතාවකුයි” ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යයේ වගේම සිරස නාළිකාවේ විකාශය වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “තාදි” ටෙලිනාට්‍යයේත් ප්‍රධාන නිළියගේ මවගේ චරිතය මම නිරූපණය කරනවා.ඒත් මේ චරිත තුනම එකිනෙකට වෙනස් චරිත බවයි ඇය කියා සිටියේ.

කොහොම නමුත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියලා තිබුනේ ඇය ඇත්ත ජීවිතයේ අම්මා කෙනෙක් වුණු කාලයේ ඉඳන්ම ඇයට අම්මලාගේ චරිත ලැබුණු බවයි.ඒ වගේම ඇය මවක් හැටියට අම්මලාගේ චරිත රඟපාන්නේ හරිම කැමැත්තෙන් සහ ආසාවෙන් ඉන්නේ කියලයි ඇය කියන්නේ.වර්තමානයේ කලාව දිහා බැලුවාම චරිත ලොකුවට බිහි වෙන්නේ නැහැ කියන ඇය තමන් ආස කරන චරිත පිටපත්වල ලියැවෙන්නේ නැහැ කියලයි කියන්න.

ඒ වගේම දැන් තියෙන වාණිජ ආර්ථික රටාවත් එක්ක ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරමින් රඟපාන එක තමයි කලාකරුවෝ විදිහට අපිට කරන්න වෙලා තියෙන්නේ කියලයි ඇය කියන්නේ.ඉතින් ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන්න උත්සාහ කරනවාලු.ඒ වගේම ඒකාකාරී වුණත් මම භාරගන්නේ මට ආදරේ කරන්න පුළුවන් චරිත විතරයි කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුනේ.