BREAKING NEWS
Search

රජයේ ප්‍රකාශිත වී මිල ගැන ගොවිජන සමිති වලින් චෝදනාවක්

158

යල කන්නයේ ගොවියාට වැය වූ මුදල ගැන නොසිතා රජය අද සිට වී මිලදී ගැනීමට කටයුතුකර ඇති බව ගොවි සංගම් චෝදනා කරනවා.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙවර රජය වී මිලදී ගැනීමට ප්‍රකාශිත මිල ගණන් පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බවයි.

පවතින තත්ත්වය හමුවේ විවිධ කණ්ඩායම් විසින් ගොවීන්ගේ අස්වනු අඩු මුදලකට මිලදී ගන්නා බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.

රජය මෙවර යල කන්නයේ වී මිලදී ගනු ලබන්නේ නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටයි. මෙම වැඩපිළිවෙළේ පළමු අදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,000 ක්. පළමු අදියරේදී වී මෙටි්‍රක් ටොන් 30,000 ක් මිලදී ගැනීමට අපේක්ෂිතයි.