රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

338

ශ්‍රී ලංකාවෙත් බිහිවූ වමත් සුපිරි දඟපන්දු යවන්නෙන් වන රංගන හේරත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු ධූරයට පත් කර ගැනීමට සූදානම් බව බංගලාදේශය ක්‍රිකට් ආයතනය මඟින් සඳහන් කර සිටිනවා.

එළබෙන සිම්බාබ්වේ සංචාරයට පෙර ස්ථිර දඟ පන්දු යවීමේ පුහුණුකරුවෙක් හා ස්ථිර පිතිකරන පුහුණුකරුවෙකු පත් කිරීමට සූදානම් බව බංගලාදේශ ක්‍රිකට් ආයතනය මඟින් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රංගන හේරත්ගේ නම යෝජනා වී ඇති අතර බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ රංගන හේරත් ඔවුන්ගේ පලමු තේරීම වන බවයි.පිතිකරණ පුහුණුකරු ලෙස ජෙමි සිදොන්ස් ගේ නම යෝජනා වී තිබෙනවා.