BREAKING NEWS
Search

රංගන කොතරම් දක්ශයෙක් වුවත් පුහුණුකරුවෙක් විදිහට අත්දැකීම් නෑ – අක්‍රම් ඛාන්

913

බංගලාදේශ කණ්ඩායමේ පුරප්පාඩුවක් පවතින දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රංගන හේරත් පත්කර ගැනීමට නියමිත බව පසුගිය සති කිහිපය තුළ කතිකාවක් ගොඩනැගුනද රංගන හේරත් හා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවති සාකච්ඡා බිදවැටුණා.ඒ වැටුප් පිළිබඳව ගැටලුවක් මුල් කරගෙනයි.

බංගලාදේශ කණ්ඩායම මේ වනවිට ස්ථිර දගපන්දු යවන පුහුණුකරුවෙක් හා පිතිකරණ පුහුණුකරුවෙක් සොයමින් සිටන අතර පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලුවිස්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් අවසන් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ජලාල් යුනිස් සදහන් කර තිබෙන්නේ පුහුණුකරුවෙක් ඉක්මනින් අවශ්‍යව සිටින නමුත් එයට ගැලපෙන අයෙකු පත්කර ගතයුතු බවයි.
” අපට දගපන්දු යැවීමේ පුහුණුකරුවෙක් අවශ්‍ය වෙලා තියෙන බව ඇත්ත. නමුත් දක්ශ හැකියාවක් සහිත අයෙකු මේ සදහා පත්කර ගතයුතුයි. එසේම එම පුද්ගලයා බංග්ලාදේශ කණ්ඩායමට ගැලපෙන අයෙකු විය යුතුයි. අපි තවමත් අපට ගැලපෙන අයෙකු සොයමින් සිටිනවා” යනුවෙන් ජලාල් යුනිස් සදහන් කර තිබෙනවා.මේ පිළිබඳව සදහන් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් සදහන් කර තිබෙන්නේ රංගන හේරත් පිළිබඳව තවදුරටත් ඔවුන් සළකා නොබලන බවයි.

” හේරත් දක්ශ ක්‍රීඩකයෙක් බව ඇත්ත. නමුත් ඔහුට පුහුණුකරුවෙක් ලෙස අත්දැකීම් නෑ. අනෙක් අතට ඔහුට අපි සමගින් වැඩ කරන්න පුළුවන් දින 120 ක් පමණක්‍ යැයි සදහන් කර සිටියා. අපට අවශ්‍ය දීර්ඝ කාලීනව වැඩ කළ හැකි අයෙක්” යැයි අක්‍රම් ඛාන් මහතා Bdcrictime වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.