යෝගට් දෙන්නම් කියා නිවසට ගෙන ගොස් 12 හැවිරිදි දැරිය අතවරයට.

152

බුත්තල,ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ අතවරයටලක් කර සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බව ඔක්කම්පිටිය පොලීසිය කියයි.

අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් වාර්තා වනවා.

පසුව සැකකරු විසින් දැරියට අතවරය සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිටිය පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු සහ සිද්ධියට අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අපයෝජනයට ලක් වූ දැරිය මානසික රෝගී තත්ත්වයකින් ද පෙළෙන අයෙකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ ගතකර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඔක්කම්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Ceylon24/7