පලාලි හි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම ගුවන්තොටුපොළේ සිට කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීම ද ආරම්භ කර ඇත.
ඒ සඳහා සහයෝගය පළ කරමින් ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පර්යන්ත වෙනස් කිරීම්, විදුලිබල සැපයුම, උපයෝගීතා සේවා සහ සංතරණ සේවා යනාදී ක්ෂේත්රයන්හි පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙකී ප්රදානය යෙදවීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Business
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවෙන් රු. මිලියන 300ක්
Feb 20, 2020, 18:56 pm0
162
Previous Postපවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මේ දිනවල හැකිතාක් වතුර බොන්න..!
Next Postජාතික කඩදාසි සමාගම ඈවර කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අවලංගු කරයි